(හර්ෂණ තුෂාර සිල්වා, රන්ජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර)
බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද (20) පෙනි සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම විසින් අසනු ලැබූ සියලු ප්‍රශ්නවලට සවිස්තරාත්මකව පිළිතුරු දුන්නේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ පෙනි සිටියේ එම කොමිසම කරන ලද ඉල්ලීමකට අනුවය. මෙරට ඉතිහාසයේ ජනාධිපති විමර්ශන කොමිසමක් ඉදිරියේ පෙනි සිටි පළමු අග්‍රාමාත්‍යවරයා වන්නේ ද රනිල් වික්‍රමසිංහ මහතාය.
මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පත් කර තිබෙන ජනාධිපති විමර්ශන කොමිසම ප්‍රශ්න 48කින් සමන්විත ප්‍රශ්නාවලියක් සහ තවත් ප්‍රශ්න කිහිපයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවා තැබූ අතර ඒ සියල්ලට අග්‍රාමාත්‍යවරයා සවිස්තරාත්මකව පිළිතුරු එවා තිබිණි.
එම ප්‍රශ්නවලිවල ඇතැම් පිළිතුරු සම්බන්ධයෙන් කොමිෂන් සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පැහැදිලි කිරීම් සටහන් කරගන්නා ලදි. ඉන් අනතුරුව නීතිපති ජයන්ත ජයසූරිය මහතා අග්‍රාමාත්‍යවරයාට තවත් ප්‍රශ්න කිහිපයක් යොමු කළ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ප්‍රශ්න සියල්ලට ද පිළිතුරු දුන්නේය.
අග්‍රාමාත්‍යවරයාගෙන් කොමිසම ලිඛිත පිළිතුරු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ලබාගැනීම සහ නීතිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට ප්‍රශ්න යොමු කිරීම සහ අග්‍රාමාත්‍යවරයා එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම පැයකට ආසන්න කාලයකට සීමා විය.
අග්‍රාමාත්‍යවරයා පෙරවරු 9.50ට පමණ කොමිසම වෙත පැමිණි අතර වැඩි කල් නොයවා නියමිත කටයුතු අවසන් කළ යුතු බව ද එහිදි කොමිසමේ සභාපතිවරයා කීය.
කොමිසමට පැමිණි අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතාට කොමිසමේ සභාපති විනිසිරු කේ.ටී චිත්‍රසිරි මහතා විශේෂ ස්තූතියක් ද පිරිනැමුවේය.

