ප්‍රවෘත්ති සන්දේශය


  • දඹුල්ල ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ  පැල්වෙහෙර වළේ කඩේ හන්දියේදී  පෞද්ගලික බසයක්  හා ලොරියක් ගැටීමෙන්  තුවාල ලැබු රියදුරන් දෙදෙනාද සමග හය දෙනෙක් දඹුල්ල රෝහලට ඇතුළු කරනු ලැබුහ.අතුරු මාර්ගයකින්  ත්‍රිරෝද රථයක් එක්වරම ප්‍රධාන මාර්ගයට ඇතුළු කිරීම මේ අනතුරට හේතුව වන්නට ඇතැයි පොලීසිය සදහන් කරයි.
  • ආණමඩුව ගල්කුලම පාරේ පෙරියමඩුවේදී බසයක් ටිපරයක් ගැටී  පාසල් සිසුන් තිදෙනතු ඇතුළු අට දෙනකු තුවාල ලැබුහ.  
  • අම්පාරට දින කිහිපයක් තිස්සේ පැවැති  වැසිත් සමග කොන්ඩුවටුවාන වැවේ වාන්දොරටු දෙකක් විවෘත කැර ඇත.
  • මිල්ලනියේ  බාලවයස්කාර දැරියන් දෙදෙනකු වාචිකව අපහසුවට පත් කළැයි සැකපිට දේශපාලන විද්‍යා ගුරුවරගෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටි.
  • හෝමාගම හිරිපිටියේ  සාදයකදී  මාමා  හා බෑණා අතර ගැටුමක් බේරීමට ගිය දඹුල්ල    කණ්ඩලම පෙදරේරුවෙක් පිහි පහර කා මරුමුවට පත් විය.

කණ්ඩලම රිය අනතුර

කොන්ඩුවටුවාන වාන් දොරටු ඇරේ