(ඩයනා උදයංගනී)
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා පත්කරනු ලැබ තිබේ.
මෙම පත්වීම අද(11) සිදුකර ඇති බව සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

