ප්‍රවීණ නර්තනාචාර්ය පියසාර ශිල්පාධිපති අභාවප්‍රාප්ත වෙයි


(ඩයනා උදයංගනී) 
ශ්‍රී ලංකාවේ ප‍්‍රවීණ නර්තන ශිල්පියකු, නර්තන ආචාර්යවරයකු හා බෙර වාදන ශිල්පියකු වන පියසාර ශිල්පාධිපති මහතා අද (2) අභාවප‍්‍රාප්ත විය.

අභාවප‍්‍රාප්ත වන විට ශිල්පාධිපති මහතා 75 වන වියෙහි පසුවිය.

කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කළේය.

(ඡායාරූප - කේ. බුද්ධික කුමාරසිරි)