ප්‍රවාහනයට කෝටි 3660ක් දෙන පරිපූරකය සම්මතයි




(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 3660 කට වැඩි අතිරේක මුදලක් ගෙවීම  සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ ඒකමතිකව සම්මත විය.

මෙම මුදලින් වැඩි ප්‍රමාණයක්  මාර්ග සංවර්ධන අධිකාරිය දේශීය බැංකුවලින් ලබාගත් ණය මුදල් ගෙවීම සඳහා වැය කිරීමට අපේක්ෂා කෙරේ.

ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා  මෙම ඇස්තමේන්තුව විවාදය සඳහා ඉදිරිපත් කළේය. විවාදය අද දහවල් 11.00 ට පමණ ආරම්භවී පස්වරු 5.00 දක්වා  පැවැත්විණ.