ප්‍රවාහන ඇමැතිගෙන් දුම්රිය රියැදුරන්ට අනතුරු ඇඟවීමක්


(ඩයනා උදයංගනී)

වැඩ වර්ජනයකට යාමෙන් වළකින්නැයි දුම්රිය රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩල වලින් තමන් ඉල්ලා සිටින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

එසේ වැඩ වර්ජනයකට යන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජයට සිදුවන බවද ඇමැතිවරයා කීවේය.මෙම වැඩවර්ජනයට හේතුව වී ඇති වැටුප් තල සංශෝධනය පිළිබඳ ඉල්ලීම ඉටුකරන ලෙස අග්‍රාමාත්‍ය ලේකම්වරයා මීට පෙර වැටුප් හා සේවක සංඛ්‍යාත කොමිෂන් සභාවට දැනුම් දී ඇතත් එසේ කිරීමෙන් වෙනත් තනතුරු වලින්ද එවැනි ඉල්ලීම් ආ හැකි බව පෙන්වා දී ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

එම කොමිසම සමඟ සාකච්ඡා කර මෙම ගැටලුව විසඳාගත යුතු බව ද ඇමැතිවරයා කීවේය.