ප්‍රයිඩ් රයිස් එකට තණකොළ ඩෙවල් එකක්


පවුලේ අය සමග නුවරඑළියේ අවන්හලකට ගිය පුද්ගලයකු ප්‍රයිඩ් රයිස් ඇනවුම් කළේය. කංකුන් ව්‍යාංජනයක්ද එයට අඩංගු විය. කෑම ගනිද්දී ඔහුගේ කුඩා දියණිය කංකුන් ව්‍යංජනයේ තිබී අමුතු කොළ ජාතියක් පෙන්නා ඇත.

එය පරීක්ෂා කළ පසු එහි තිබී තණකොළ සොයාගෙන ඇත. එම පුද්ගලයා අදාළ අවන්හල් කළමනාකරුට දන්වා සෞඛ්‍ය අංශද දැනුවත් කිරීමට කටයුතු කරන බව පැවසීය.

හෝටල් සේවකයකු ඔහුට කීවේ ‘මෙය වැරදි දෙයක් බව ඇත්ත නමුත් මේ දිනවල මනාප ඉල්ලීමට එන අයට දීමට නම් සුදුසුයි‘ යනුවෙනි.

කංකුන් මිටියක් රුපියල් 30 -40 අතර මිලකට ගන්නා හෝටල් හිමියෝ ඒවා යොදාගෙන කංකුන් ඩෙවල් දමා සෝස් සමග අලෙවි කර එක් කංකුන් මිටියකින් රුපියල් 500ක පමණ ආදායමක් උපයා ගනිති.