ප්‍රමිතියෙන් තොර සූර්ය බල පද්ධති ආනයනය තහනම් කිරීමට නව නීති


(රංජන් කස්තුරි)
 
ප්‍රමිතියෙන් තොර සූර්ය බල පද්ධති ආනයනය කිරීම තහනම් කිරීමේ නව නීති ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පියවර ගෙන තිබේ.

 
විදේශ රටවල නිෂ්පාදිත ප්‍රමිතියෙන් තොර සූර්ය බල පද්ධති සවි කිරීමෙන් පාරිභෝගිකියින්ට සිදුවන අපහසුතා මගහැරීම සඳහා නව නීති සකස් කර මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බවද එම අධිකාරිය සඳහන් කරයි.
 
ඒ අනුව ආනයනික සූර්ය පද්ධති අනිවාර්යෙන්ම රේගුවේදී පරීක්ෂාවට ලක්කර ඒවා  ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිෂ්පාදිත ඒවා බව තහවුරු කර ගන්නා බවද ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ තාක්ෂණ නිලධාරී පද්මදේව සමරනායක මහතා පැවැසීය.