ප්‍රමිත බණ්ඩාර ඒකාබද්ධ විපක්ෂයට එක්වෙයි


(මහනුවර විශේෂ චමිල් රුපසිංහ)

මධ්‍යම පලාත් ක්‍රීඩා කර්මාන්ත යෞවන හා වනිතා කටයුතු අමත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වු ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සමග පළාත් සභාවේ ස්වාධිනව සිටිමට කටයුතු කරන බව ලංකාදීපයට පැවැසිය.


මේ සම්බන්දව ‍ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රිවරුන් සමග සාකච්ඡා කර ඉදිරියේදි තිරණයක් ගන්නා බවත් ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රිවරුන්ගේ බහුතර මතය මෙය බවත් ඉදිරියේදි සියලු දෙනා සමගින් වැඩි මතය අනුව කටයුතු කරනු ලබන බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසිය.