(චමිල් රුපසිංහ)
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුඡන පෙරමුණේ මැයි රැලියට සහභාගි වන්නට තිරණය කළ බව ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මහතා ලංකාදීපයට අද (26) පැවැසිය.රට ගොඩනැගිමට ඇති එකම විසදුම මහින්ද රාඡපක්ෂ මහතා සමඟ එක්ව කටයුතු කිරිම බවද මන්ත්‍රිවරයා පැවැසිය.
දුමින්ද දිසානායක තම පියාට සිදුවු අසාධාරණයට නැගි සිටියාක් මෙන්,හිරුණිකා තම පියාට වු අසාධාරණය වෙනුවෙන් නැගි සිටියා මෙන් වත්මන් රඡය විසින් තම පියාට සිදු කළ අසාධාරණය වෙනුවෙන් නැගි සිටිමට තමන්ටද හයියක් ඇති බව ප්‍රමිත බණ්ඩාර මහතා කිය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දිනන දක්ෂ අය පක්ෂයෙන් එළවා දමා පරදින ඡනයා 100 යක්වත් එකතු කර ගන්නට බැරි උදවිය තනතුරු වලට දැමිම හාස්‍ය ඡනක බවත් මගේ පියා සියා වැනි පක්ෂය වෙනුවෙන් ඡිවිතය කැප කළ අය පක්ෂයෙන් එළවා දමන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාස කිරිමේ අරමුණින් බව මේ වන විට ඡනතාව තේරුම් ගෙන ඇති බවද මන්ත්‍රිවරයා වැඩි දුරටත් පැවැසිය.

