ප්‍රභූ ඝාතනයට කොටියා ගෙනාවයි කර්නල්ට නඩු


හිටපු  ජනාධිපති  මහින්ද රාජපක්ෂ , ආරක්ෂක ලේකම්  ගෝඨාභය රාජපක්ෂ සහ හමුදාපති සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඝාතනය කිරිමේ අරමුණින් ඔවුන් සහභාගි වීමට නියමිතව සිටි දැයට  කිරුළ ප්‍රදර්ශනයට  මරාගෙන මැරෙන කොටි ත්‍රස්ත්‍රවාදියකු තම සහයක නිලධාරියා  ලෙස වෙස් ගන්වා ගෙන එම ප්‍රදර්ශනය පැවැත්වු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භුමියට ඇතුල් කරවීමට  උත්සහ කළ බව  යුද හමුදා කර්නල්වරයකුට එරෙහිව පවරා  ඇති  නඩුව ලබන වසරේ මාර්තු 30 වැනි දා සිට විභාග කීරිමට  කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (8) තීරණය කළේය.

යුද හමුදා හිටපු කර්නල්වරයකු  වන රංජිත් චන්ද්‍රසිරි පෙරේරා  (52) මේ නඩුවෙන් චෝදනා ලබා සිටියි. මෙම නඩුවට  අමතරව 2009 මැයි 15 වැනි දා  රත්මලාන යුද හමුදා කඳවුරේදී නිත්‍යනුකුල බලයක්  හෝ සාධාරණ හේතුවක්  නොමැති මයික්‍රෝ පිස්තෝලයක් හා උණ්ඩ 69 ක් ළඟ තබාගෙන  සිටි බවටත් කර්නල් පෙරේරාට  එරෙහිව නඩුවක් නීතිපතිවරයා විසින් පවරා ඇත.

මෙම නඩු දෙකම විභාග කිරිම සඳහා  2016 මාර්තු 30  වැනිදා තීරණය කළ විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්කිකරුවන්ට  සිතාසි නිකුත් කළේය.

විත්තිකරු වෙනුවෙන් නිතිඥ ගයාන් මාදුවගේ මහතා  සමඟ නිතිඥ සාලිය පිරිස් මහතා  පෙනී සිටියේය.

තම සේවා දායකයා  වරද නොපිළිගන්නේ නැති බව දැනුම් දුන් නිතිඥ ගයාන්  මාදුවගේ මහතා නඩුව විභාග කිරිමට  නියම කරන්නැයි  ඉල්ලා සිටියේය.

පැමිණීල්ලේ සාක්කිකරුවන්ට  සිතාසි නිකුත් කරන ලෙස විනිසුරු නියෝග කළේය.

2009 ජනවාරි 07 වැනි දාත් මැයි  14 වැනි දාත් අතර  කාලයේ කොළඹ දී කොටි බෝම්බකරුවන් වන කන්දවනම් ගෝකුලනාත් හෙවත් ඉම්බන් සහ කොටි බුද්ධි  අංශ නායක කනගරත්නම් ආදිත්‍යයන් කොටි  සාමාජිකයන් බව දනිමින්  ඔවුන් දිරිගැන්වීම, මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරිම සඳහා සැළසුම්  චෝදනා ඔවුන්ට  එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

එම අවස්ථාවේදී  මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ළඟ තබා ප්‍රහාරයක් එල්ල කිරිම සඳහා කොටි සාමාජිකයින් දිරි ගන්වමින් ඔවුන්ට  රැකවරණය ලබා දුන් බවටත් නීතිපතිවරයා  විසින් වැඩිදුරටත් චෝදනා  නඟා ඇත.