ප්‍රභාකරන්ගේ දකුණු අතත් පොලිස් කටේ


සයිනයිඩ් කරල් තොගයක් භූමිය හඳුනා ගැනීමේ ජී.පී.එස් උපකරණ ඇතුළු උපකරණ කිහිපයක් සිය සිරුරේ සඟවා ගෙන ගමන් කරමින් සිටියදී තමිල්නාඩු පොලීසිය විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයා වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ළඟින්ම ඇසුරු කළ තැනැත්තෙකු බව ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය පවසයි.

2009 ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේ දී සිය නායක ප‍්‍රභාකරන්ගේ ඝාතනය වීමත් සමඟ මොහු තමිල්නාඩුවට පළා ආ බවද කියති.