ප්‍රභාකරන්ගේ උපන්දිනයට සිවාජලිංගම් කේක් කපයි


රොමේෂ් මධුසංඛ
 
යාපනයේ වැල්වැටිතුරේ ප්‍රදේශයේ එල්ටීටීඊ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ බවට සැලකෙන ගෙවත්තේ අද (26) උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුලු පිරිසක්   කේක් කපා උපන්දින සැමරුමක් සිදු කොට ඇත.

වැල්වැටිතුරේ ප්‍රදේශයේ ප්‍රභාකරන් ඉපිද ඇති බවට සැකකෙරෙන ඉඩම අද උදෑසන පිරිසක් විසින් ශ්‍රමදානයක් මගින් එලිපෙහෙලි කොට 63 සඳහන් උපන්දින කේක් ගෙඩියක් කපා සමරා ඇති අතර එම අවස්ථාවට මන්ත්‍රී සිවාජිලිංගම් මහතාද සහභාගී වී තිබේ.  ප්‍රභාකරන්ගේ ළඟම ඥාති සබඳතාවයක් ඇත්තේද සිවාජිලිංගම් මන්ත්‍රීවරයා සමගය.
 
ගෙවත්තේ පිහිටි තාප්පයක ප්‍රභාකරන්ගේ රැව සහිත පොස්ටර් අලවා තිබිණි.
 
ප්‍රභාකරන්ගේ 63 වැනි උපන්දිනය ද අදට යෙදී ඇති හෙයින් අද දිනයේදී මෙසේ උපන්දින සැමරුමක් සිදු කරන බවට සිවාජිලිංගම් මන්ත්‍රීවරයා පෙරදි මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.