ටී.කේ.ජි. කපිල
අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදු වු අද (25) දිනයේ ප්‍රබල ඇමැතිවරු සිව් දෙනෙක් විදේශ ගතවන බව වාර්තා වෙයි.
අර්ජුන් රණතුංග මහතා මේ වන විටත් විදෙස් ගතව ඇති අතර ඔහු අද අලුයම දෝහා කටාර් බලා පිටත්ව ගොස් තිබේ.
මීට අමතරව සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා අද පස්වරු 1.55ට නවදිල්ලිය බලා පිටත්ව යාමට නියමිතය.
සරත් අමුණුගම ඇමැතිවරයා අද පස්වරු 2.35ට තායිලන්තයේ බැංකොක් නුවර බලාත් රවීන්ද්‍ර සමරවීර රාජ්‍ය ඇමැතිවරයා අද දහවල් 12.50 ට ලන්ඩන් බලා පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසයි.