ප්‍රධාන දුම්රිය මඟේ ලොරියක් ගැටී ගමනාගමනයට බාධා


ප්‍රධාන දුම්රිය මාර්ගයේ හුණුපිටිය දුම්රිය ස්ථානය අසල දී අද (21) උදෑසන  ලොරියක් සිඝ්‍රගාමී දුම්රියක ගැටී දුම්රිය ගමනාගමනයට බාධා ඇති වු බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

දුම්රිය හරස් මාර්ගයේ සංඥා නොතකා  මාර්ගයට ඇතුළත් කිරිමෙන් මෙම අනතුර සිදුව ඇත.