(තිලකරත්න දිසානායක)
වේයන්ගොඩ සහ ගම්පහ දුම්රිය ස්ථාන අතර දාරළුව ප්‍රදේශයේ දී දුම්රියක ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් අද(16) උදෑසන ප්‍රධාන මාර්ගයෙහි දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබිණි.
විශේෂයෙන්ම කාර්යාල සේවකයින්ට දුම්රිය ප්‍රමාදය නිසා දැඩි දුෂ්කරතාවකට මුහුණ පෑමට සිදුවිය.
මොරටුව බලා ධාවනය වෙමින් තිබු දුම්රියක් පෙරවරු 7.20 ට පමණ කාර්මික දෝෂයකට ලක්ව නතරවී තිබු බව ගම්පහ දුම්රිය ස්ථාන නිලධාරියකු පැවසීය.
දුම්රිය එන්ජිමෙහි දෝෂය යථා තත්ත්වයට පත්කිරීමට පැයක පමණ කාලයක් ගතව ඇත.

