ප්‍රදේශ 4 ක වායු ගුණත්වය අඩු වෙමින් යයි


(යොහාන් භාසුර)

මෙරට ප්‍රදේශ කීපයක වායු ගුණාත්මක දර්ශකය පහළ යමින් තිබෙන බව මාධ්‍ය පරිසර අධිකාරියේ උසස් නිලධාරිකේ පැවසීය.

කොළඹ, ගාල්ල සහ යාපනය යන ප්‍රධාන නගරවල සහ මන්නාරම ප්‍රදේශයේ ද වායු ගුණාත්මක දර්ශකය අගය පහළ යමින් තිබෙන බව ද එම නිලධාරියා කීය.

මෙම තත්ව හේතුවෙන් විශේෂයෙන් එම ප්‍රදේශවල ජීවත්වන පෙනහළු ආශ්‍රීත රෝගවලින් පසුවන පුද්ගලයන් පරිසරයට නිරාවරණය වන අවස්ථාවලදී මුව ආවරණ පැළදීම වඩාත් යෝග්‍ය බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.