ප්‍රථම ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරයි


මනෝප්‍රිය ගුණසේකර 
 
නඩු ප්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටවනු ලැබු ප්‍රථම ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණ (trial at bar) විනසුරු මඩුල්ල අගවිනිසුරු පියසාද් ඩෙප් මහතා විසින් අද (22) පත් කරන ලදී.

 
ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණයේ ප්‍රථම විනසුරු මඩුල්ල ලෙස කොළඹ මහාධිකරණයේ කටයුතු කරන සම්පත් විජේරත්න , සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් පත් කොට ඇති බව වාර්තා වේ.
 
අප්‍රමාදීව විමසා අවසන් කළ යුතු නඩු විමසීම සඳහා ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණ පිහිටවිය යුතු බව රජය මීට පෙර අවස්ථාවකදී තීරණයක් ගන්නා ලදී.
 
ඒ අනුව මෙම ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණ පිහිටවනු ලැබු අතර මෙම ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය සඳහා විනිසුරුන් පත් කරන ලෙස නීතීපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කරන ලද ඉල්ලීමක අනුව මෙම මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනා පත් කොට ඇතැයි වාර්තා වේ.