ප්‍රතිශෝධන පෙත්සම විභාගයට දින දෙකක්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 

මහබැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පලිසේන විසින් ඇප ඉල්ලා ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම මේ මස 25 වැනි දා සහ ජුනි 1 වැනි දා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (18 ) තීන්දු  කළේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති ප‍්‍රීති පද්මන් සූරසේන සහ  විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ අද (23) කැඳවිණි. එහිදී එම විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය මෙදිනට කල් තබන ලදී.

වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා හා මුල්‍ය විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කර ඇති මෙම පෙත්සම මඟින් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ, මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර ඇති තමන්ට ඇප ලබාදීම පොදු දේපළ පනත යටතේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කර ඇති බවයි. 

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධන මහතා ගේ උපදෙස් මත නීතීඥ නවීන් මාරපන මහතා සහ ජනාධිපත නීතීඥ ගාමිණී මාරපාන මහතා පෙනී සිටියහ.