(දයාසීලි ලියනගේ)
අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ (2018) උත්තර පත්‍ර අධීක්ෂණය කරනු ලබන අවස්ථාවේ පිළිතුරු පත්‍රයකට අලුතෙන් ලියූ පිළිතුරු පත්‍ර එකතු කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව මූලික විමර්ශන ආරම්භ කර ඇත.
උත්තර පත්‍ර අධීක්ෂණයට යොමුකිරීමේදී අලුතෙන් ලියන ලද පිළිතුරු පිටු දෙකක් කලින් පැවති පිළිතුරු පත්‍රයට ඈඳා ඇති බව අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ විමර්ශන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා සිද්ධියට අදාළ බවට සැක කෙරෙන නිලධාරියෙකු වෙනත් අංශයකට මාරු කර ඇති බවයි.
මූලික විමර්ශන අවසන් වන තෙක් පැහැදිලි යමක් ප්‍රකාශ කළ නොහැකිබවද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා කීය.

