ප්‍රතිඵල අවුලට හේතුවක් ඇමැති දකී
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල අවුලට හේතුවක් වනුයේ විභාග දෙපාර්තමේන්තුවේ දත්ත ක්‍රියාකරුවන් තිදෙනකු එකම දත්ත පරිගණකයට ඇතුළු කිරීම බව සොයාගෙන ඇතැයි ඇමැති ඩලස් අලහප්පෙරුම කියයි. මේ අවුල සෙවීමට සරසවි විද්වත්හු ඇතුළු කණ්ඩායමක් පත් කරනු ලැබ සිටිති.

