සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික සංවිධායක කපිතාන් ගයාන් විතාන ඔහුගේ නිවසින් එළියට දමා ඇති අතර නිවසේ බඩු මුට්ටුද ඉවත් කර ඇතැයි වාර්තාවේ.
පෞද්ගලික බැංකුවකට එම නිවස උකස් කර ණය මුදලක් ලබාගෙන ඇතත් එය නිසිලෙස ගෙවා නොමැතිවීම හේතුවෙන් පැවරූ නඩු විභාගයේදී කොළඹ දිසා අධිකරණයෙන් දුන් තීන්දුවක් අනුව මෙසේ නිවසේ බඩු මුට්ටු ඉවත් කර ඇත.

