ප්‍රජාතන්ත්‍රවාදය ඉගෙනගන්න එංගලන්තෙට යති


(අංජුල මහික වීරරත්න)
 
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මින්ස්ටර් පදනම සංවිධානය කරන අධ්‍යයන චාරිකාවක් සඳහා ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා මහතාගේ නායකත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් ඇත.
 
පක්ෂ,විපක්ෂ මන්ත්‍රීවරුන් අට දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිස මේ මස 05 වැනිදා දක්වා එරට රැදී සිටිනු ඇත. මෙම සංචාරය තුළදී ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රියාවලිය පිළිබඳව එක්සත් රාජධානියේ අත්දැකීම් හුවමාරු කරගැනීමට නියමිතය.