ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයෙන් ළමා චිත්‍ර තරඟයක්


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමය සංවිධාන කරන ළමා චිත්‍ර තරඟයට මැයි 10 වැනිදා තෙක් චිත්‍ර බාර ගන්නා බව එම සංගමය පවසයි.

කාණ්ඩ හතරක් යටතේ චිත්‍ර තරඟය පැවැත්වෙයි.

පෙර පාසල සහ 1-2 ශ්‍රේණි "සතුටු, නිරෝගී මම" 3-5 ශ්‍රේණි " සමබර ජීවිතයක මම නිරෝගීයි",6-8 ශ්‍රේණි "නිරෝගී මම-  දුරකථන තිරයෙන් ඔබ්බට! 9-11:ශ්‍රේණි " මටම ආදරෙන්" යන තේමා වලින් තරඟය පැවැත්වෙයි.

A 4 කඩදාසියේ ඕනෑම වර්ණ මාධ්‍යයකින් චිත්‍ර ඉදිරිපත් කළ හැකිය.එක් සිසුවකුට ඉදිරිපත් කළ හැකි උපරිම චිත්‍ර  සංඛ්‍යාව දෙකකි. නම, පාසල ,ශ්‍රේණිය, නිවසේ ලිපිනය, මාපිය වට්ස්ඇප් දුරකථන අංකයක් චිත්‍රයේ පසුපස සඳහන් කළ යුතුය. 

පන්ති බාර හෝ චිත්‍ර  ගුරුතුමා විසින් චිත්‍ර සහතික කර ගෙනැවිත් හෝ තැපෑලෙන් එවිය හැකි බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමය පවසයි.

CCPSL කාර්යාලය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය,අංක 06, විජේරාම  මාවත කොළඹ 07 ලිපිනයයි.

[email protected] විද්‍යුත් ලිපිනයෙන් වැඩිදුර තොරතුරු දැන ගත හැකිය.