ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ සජබ අයට දඬුවම්


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගයේ අය ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නම් තරාතිරම නොබලා ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ කර නිසි පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය.

නිවාස අහිමි වූ මන්ත්‍රීවරුන්ට වන්දි දෙන්නට පෙර  ගෑස් ටැංකි පිපිරීමෙන් සහ වගා හානියට පත්වූ පත් වූ ගොවීන් සඳහා වන්දි ලබා දෙන්නේ නැද්දැයි විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

පසුගියදා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිද්ධි පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කීය.