ප්‍රගතිශීලී පක්ෂ ජාතිවාදයේ ගොදුරු වෙලා - ඇමැති රාජිත


නිමල කොඩිතුවක්කු
 
ප‍්‍රගතිශීලී යැයි හැඳින්වූ පක්ෂ සහ ජනතාව ජාතිවාදයේ, ආගම්වාදයේ ගොහුරුවට ගොස් ඇති බවත් එම ගොහොරුවේ එරි සිටින අයට වඩා ජාති ආගම්  උඩ තින්දු ගන්නේ නැති එක්සත් ජාතික පක්ෂයට තමා ප‍්‍රිය කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹදී අද(07) පැවසීය.

 
ධනපති  ආණ්ඩුවක් ලෙස හංවඩු ගැසුණු එක්සත් ජාතික පක්ෂය දුප්පත් ජනතාවට සහන දෙන පක්ෂයක් ලෙස අද ගොඩ නැගී ඇති බවත් ඔහු කියා සිටියේය.
 
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව සදහන් කලේ ශ‍්‍රි ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ මැයි දින රැලියට අද එක්වෙමිනි.
 
‘‘සංහිඳියාව තහවුරු කරන, දූෂණය පිටු දකින  නිදහස් සෞඛ්‍යය සේවාවක් සඳහා වැඩ කරන ජනතා බලයක්.‘‘ යන තේමාවෙන්  ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගම් කාර්යාලයේදී එම රැස්වීම පැවැත්විණි.  ‘රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ට රුපියල් 10 000ක වැටුප් වැඩිවීමක් ලබාදෙනු‘ ඇතුලූ මැයි දින යෝජනා 13ක් ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය එහිදි ඉදිරිපත් කරනු ලැබීය.
 
එහිදි අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් මෙසේද කීය.
 
    ‘‘  අපේ රජය  එනකොට දළ දේශීය  නිශීපාදිතයෙන් නිදහස් අධ්‍යාපනයට වෙන්කලේ සියයට 1.75යි. පසුගිය  වසරේ අයවැයෙන් අධයාපනයට  සියයට 4.01ක් වෙන්කර තිබුනා.  දළ දේශීය  නිශ්පාදිතයෙන් දශම එකක් වැඩි කරනවා කියන්නේ  රුපියල් බිලියන ගනනාවක වැඩිවීමක් වනවා. 2017  වසර සදහා අපි සෞඛ්‍යය සේවයට පමනක්  රුපියල් කොටි පනස්දහසක මුදලක් හෙවත් බිලියන 500ක් වෙන් කරලා තියෙනවා.  ඉන් මට වෙන් කරලා තිබුනේ බිලියන 235ක්  පමණයි. කැබිනට් පත‍්‍රිකා මගින් ඉතුරු ටික මම ලබා ගත්තා. මේවා  වෙනදා තිබුණු ආණ්ඩු හිතුවෙවත් නැහැ.
 
අධ්‍යාපනය හදාරන සෑම දරුවෙකුම  රුපියල් ලක්ෂ දෙකක මුදලකට රක්ෂණය කරලා තියෙනවා.  දරුවො ලක්ෂ 43ක් මෙයට ඇතුලත් කරලා තියෙනවා. මේ  සේවාව ගත්තා හෝ නොගත්තා හෝ මේ  රක්ෂණ වාරික ආණ්ඩුඩුව විසින් දැරිය යුතුයි. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය අපි ලබලා දීලා තියෙනවා.  මේකට තමයි යහපාළනය කියන්නේ. මේවා කියන්න අපේ ඇමතිවරු දන්නේ නැහැ. අපේ ආණඩුවේ ඉන්න අය  ධර්මය දන්නවා කියා ගන්න බැහැ. හරියට පසේ බුදුවරු වගේ පිරිසක්. කියන්න යන මට වට කරලා ගහනවා.‘‘