ප්‍රංශයේ සාත්තු නිවාස වල පසුගිය දිනවල සිදූවූ මරණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රධාන දත්ත පද්ධතියට ඇතුලත් කිරීමෙන් පසු කොරෝනා වයිරසයෙන් එරට සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 5380 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තාවකාලික ගණනය කිරීම් වලදී හෙළිවී තිබුණේ සාත්තු නිවාස වල මෑත කාලයේ මියගිය 884 දෙනකු ද කොරෝනා වයිරසය හේතුවෙන් මියගොස් ඇති බවයි. ඔවුන්ගේ දත්ත මුළු මරණ සංඛ්‍යාවට එකතු කර නොතිබිණි.
කෙසේවුවද ප්‍රංශයේ පවත්වාගෙන යන සියලුම සාත්තු නිවාස වල දත්ත මෙතෙක් ගණනය කිරීමට නොහැකි වූ බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ප්‍රංශයේ සාත්තු නිවාස 7400 ක් පමණ පවතින අතර මිලියනයකට වැඩි ජනතාවක් මේවායේ ජීවත් වෙති.
එම නිවාස වලින් තුනෙන් දෙකකට වැඩි ගණනක් පවතින්නේ පළමු ආසාදන රැල්ල වාර්තා වූ ජර්මන් දේශ සීමාව ආසන්නයේ පිහිටි ග්‍රෑන්ඩ් ඊස්ට් කළාපයේය.
සේවකයන් මගින් වයිරසය සාත්තු නිවාස වලට ඇතුළු වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැක කරයි.
ප්‍රංශයේ මේ වනවිට කොරෝනා වයිරස ආසාදිතයින්
58441ක් වාර්තා වී තිබේ.
අප්‍රේල් 15 දක්වා ක්‍රියාත්මක අගුලු දැමීමේ ක්‍රියාවලිය තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය එඩ්වඩ් පිලිප් බ්‍රහස්පතින්දා (02) ප්‍රකාශ කර තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

