ප්‍රංශයේ කොරෝනා නීති රීති ලිහිල් කිරීම ලබන මාසයේදී


කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලබන මාසයේදී ලිහිල් කරන බව ප්‍රංශ රජය ප්‍රකාශ කරයි.

මැයි මස 11 වනවිට රටේ ජනජීවිතය සාමාන්‍ය අතට හැරෙනු ඇතැයි රජයේ තීරණ දැනුම් දෙමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පැවැසීය.

රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඔහු එම කරුණු සඳහන් කළේය.

"පුරවැසියන් නීතිරීති හා නියෝගවලට ගෞරව කරමින් සහ වගකීම් සහගත ලෙස හැසිරුණොත් රටේ  ජනජීවිතය මැයි 11 පමණ වෙද්දි සාමාන්‍ය තත්ත්වයට හැරේවි" ප්‍රංශ ජනාධිපතිවරයා කීය.

මේ වනවිට ප්‍රංශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ අඩුවක් දක්නට ලැබේ.

ද ගාඩියන් 

055