ප්‍රංශ ජනපතිට අතුල් පහරක්


ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, එරට නිරිතදිග දෝර්ම් පළාතේ 'තායින් ලාහර්මිතේජ්' ගම්මානයට ගොස්, අතට අත දෙමින් ගම්මානයේ වැසියන් හමුවී, ඔවුන්ගේ සුව දුක් විමසද්දී, රැස්ව සිටි පිරිස අතරින් එක් අයකු ජනපතිවරයාට අතුල් ප්‍රහාරයක් එල්ල කළේය.

ජනපති ආරක්ෂක අංශ නිලධාරීන් වඩා එම තැනැත්තාගේ ඇඟට කඩා පැන ඔහුත්, ඔහු සමඟ සිටි තවත් තැනැත්තකුත් අත්අඩංගුවට ගත් බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

'මට අනතුරක් නෑ. ඒක හුදෙකලා සිදුවීමක් ලෙස මා සලකනවා' යැයි සිද්ධියෙන් පසු 'දුපීන් ලිබ්රේ' පුවත්පත සමඟ අදහස් දක්වමින් මැක්රොන් පැවැසීය.

'කොවිඩ් 19' වසංගතය හමුවේ පැනැවූ ප්‍රංශයට පනවා තිබුණු ලොක්ඩවුන් තහංචි, මේ වනවිට කෙමෙන් ලිහිල් වී ඇත.

මැක්රොන් දෝර්ම් පළාතේ 'තායින් ලාහර්මිතේජ්' ගම්මානයට ගියේ එම ගම්මානයේ අවන්හල් හිමිකරුවන් සහ වෙ‍ෙළඳසැල් හිමිකරුවන් හමුවෙමින් ඔවුන්ගේ ගැටලු විමසා ඒවාට විසඳුම් ලබා දීමටය.

(ඩේලිමේල්)