ප්ලාස්ටික් පොලිතීන් තහනමට එරෙහි විරෝධතා පෙළපාලි ගිය එකම රට ලංකාව- ජනපති


(ආරියරත්න රණබාහු කෑගල්ලේ සිට)


ප්ලාස්ටික් පොලිතීන් තහනමට එරෙහිව විරෝධතා පෙළපාලි ගිය එකම රට ශ්‍රී ලංකාව  යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) කෑගල්ලේදී පැවසීය.


ජනාධීපතිවරයා මේ බව පැවසුයේ කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ පැවැති කෑගල්ල දිස්ත්‍රික් පරිසර සමුළුව අමතමිනි. 
හෙටට (05) යෙදෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන්  ජාතික උත්සවයද ඊට සමගාමීව පැවැත්විණි.

ජනාධීපතිවරයා මෙසේද පැවසීය.

පරිසර  ඇමැතිවරයා ලෙස මා 2006  වසරේදී  නිකුත් කළ ප්ලාස්ටික්  පොලිතින්  තහනම පසුගිය වසරේදී ක්‍රියාත්මක කිරීම ආරම්භ කළා.


එය 2006 වසරේ සිට ක්‍රියාත්මක නොවී තිබුණා. දැඩි නීතී රීතී දාලා ක්‍රියාත්මක  කළ මේ තහනමට  විරුද්ධව පොලිතීන්  නිශ්පාදකයෝ සහ පිටරටින්   පොලිතින් ගෙන්වන අයත්  ඒ යගේ සේවයන් සහ මේ පිළිබඳව  නොදන්නා පිරිස් නොමග යවා  මහපාරට බැස විරෝධතාවයේ යෙදුණා. 

( ඡායාරූප - ඉෂාන් සංජීව)