ප්ලාස්ටික් කූඩේ වැඩෙන් තව පාරක් වැසේ


එළවළු ප්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කිරීමට එරෙහිව හාරදහසක් පමණ ගොවීහු ද වෙළෙන්දෝ ද දඹුල්ලේ ආර්ථික කලාපය ඉදිරිපිට මහා පාරේ උද්ඝෝෂණයක් ඇරැඹීම නිසා වාහන ගමනා ගමනය ඇන හිටියේය. ප්ලාස්ටික් කූඩ තොගයක් ද පාර මැද තබා ගිනි තැබිණි.