පළාත් සභාවලට ගුරුවරු බඳවාගැනීමේ වරදක්?


පළාත් සභාවලට ගුරුවරුන් බඳවා ගැනීමේ පුරප්පාඩු සඳහා ගුරු සේවා ව්‍යවස්ථාවේ වගන්තිවලට පටහැනි ලෙස බඳවා ගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා චෝදනා කරයි.

මේ වසරේ මැයි මාසයේ සිට මෙලෙස හිතුමතේ බඳවා ගැනීම් වලින් ගුරු සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම පමණක් නොව විභාග දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටියටද හානි පමුණුවන බව ඔහු කියයි.