සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
පළාත් සභා මැතිවරණය ප්‍රමාද නොකර පවත්වන්නැයි විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා පාර්ලිමේන්තුවේදී අද (6) රජයෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දීය.
විපක්ෂනායක සම්පන්දන් මහතා එහිදී මෙසේ ද කීය.
පළාත් සභා මැතිවරණ කලට වේලාවට පැවැත්වීමට නොහැකි වීම කණගාටුදායකයි. පළාත් සභාවලට උපරිම බලය දිය යුතුයි. පළාත් සභා මැතිවරණයට කලින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැතිව අපට අනාගතයක් නැහැ.
මේ රට නොබෙදුණු එක්සත් රටක් විදියට ඉදිරියට ගෙන යාම අපේ අපේක්ෂාවයි, තවමත් අපට විශ්වාසනීය බලය බෙදාගැනීමේ ක්‍රමයක් ඇති කරන්න බැරිවුණා.

