පළාත් සභා මැතිවරණය තියන්නැයි ඒකාබද්ධයෙන් අභියෝගයක්



 
(නාලක සංජීව දහනායක)

ඉදිරි මාසය ඇතුළතදී පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඒකාබද්ධ විපක්‍ෂය රජයට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (15) පැවැසීය.

ආණ්ඩුව ප‍්‍රශ්න වැඩිකරනවා මිස අඩුකිරීමට ක‍්‍රියානොකරන බවත්, ජනතාවගේ ප‍්‍රශ්න විසදීමට නොහැකි නම් රජය ඉල්ලා අස්විය යුතු යැයිද කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයේ දී අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

ඡායාරූපය හා විඩියෝ - රොමේෂ් ධනුෂ්ක ද සිල්වා