සුජිත් හේවාජුලිගේ
පළාත් සභා මැතිවරණය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ලබන මස 4 වැනිදා දවස පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයින් තීරණය කර ඇත.
විවාදය සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායක ආර් . සම්පන්දන් මහතාය. මෙම විවාදය සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙස එදින උදේ 11.00 සිට සවස 6.30 දක්වා පැවැත්වීමට නියමිතය.
පළාත් සභා මැතිවරණය , ඡන්ද ක්‍රමය හා ඊට අදාළ කරුණු පිළිබඳව මෙම විවාදයේදී සාකච්ඡා කෙරුණු බව ඒකාබද්ධ විපක්ෂයේ නායක , කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.