පළාත් සභා මන්ත්‍රී මාධ්‍යවේදියාට ගහලා


සන්ධානයේ උතුරුමැද පළාත් සභා මන්ත්‍රී ජයන්ත මාරසිංහ මහතා ඇතුළු පිරිසක් මනම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී නිමල් ජයරත්න මහතාට පහරදී ඔහුගේ කැමරා ආම්පන්න කඩා බිඳ දැමීයැයි පොලොන්නරු පොලීසියට අද දහවල් පැමිණිලි කලේය. මනම්පිටියේ ප්‍රවෘත්තියක් වාර්තා කිරීමට ගිය අවස්ථාවේදී ඔහු මෙම මැර ප්‍රහාරයට ලක් විය. ජයරත්න මහතා පොලොන්නරු රෝහලට ඇතුළු කරනු ලැබ සිටී. පළාත් සභා මන්ත්‍රී ඇතුළු පිරිස අත්අංඩගුවට ගැනීමට නියමිතයි. පොලොන්නරුව පොලීසිය මූලස්ථාන පරීක්ෂක දුමිඳු සේනානායක මහතා පරීක්ෂණ පවත්වයි.