(අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට පැවැත්වීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව පළවී ඇතැයි වාර්තා වේ.
කොට්ඨාස ක්‍රමයට සියයට හැත්තෑවක් ද ,අනුපාත ක්‍රමයට සියයට තිහක් ද තෝරා පත් කර ගැනීමට යෝජනා වී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති කැබිනට් රුස්වීමේදී මෙම එකඟතාව පළවී තිබේ.
එසේ වුවද මිශ්‍ර ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීමේදී මැතිවරණ කොට්ඨාසයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු බැගින් ඉදිරිපත් කිරීමට කර තිබූ යෝජනාවට ඇමතිවරුන් පිරිසක් විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.
විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,වාසුදේව නානායක්කාර .බන්දුල ගුණවර්ධන ,ඩලස් අලහප්පෙරුම යන ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙලෙස විරෝධය පළ කර ඇති බව දැනගන්නට ඇත.
එම කරුණ සම්බන්ධයෙන් පක්ෂ නායක රුස්වීමක් කැඳවා සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත,
මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසිනි.

