පළාත් සභා ඡන්දය ඉක්මන් කරන්නැයි ඉල්ලයි


සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
 
පළාත් සභා ඡන්දය ඉතා ඉක්මණින් පවත්වන්නැනයි ආණ්ඩුවට බල කරන ලෙස ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය.

අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් පැවති සභාව කල් තබන අවස්ථාවේ දී මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ කීවේය.

‘පළාත් තුනක ඡන්දය මේ වන විට කල් ගිහින් තියෙනවා. සැප්තැම්බර් මාසය වන විට උතුර,මධ්‍යම හා වයඹ පළාත් සභාවල නිල කාලය අවසන් වෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ ගැන වචනයත්වත් තිබුණේ නෑ’