පළාත් රැසකට අදත් තද වැසි


(ඩයනා උදයංගනී)

බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල අද (30) සවස් කාල‍යේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෙසු ප්‍රදේශවල වැසි රහිත් කාලගුණයක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනා විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයන්හි අනිද්දා (1) දක්වාත් ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ හෙට (31) දක්වාත් ධීවර හා නාවික කටයුතු අවධානම් බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

දැනට එම මුහුදු ප්‍රදේශවල සිටින අය වහා ඉවත් වන ලෙස දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.