පළාත් මන්ත‍්‍රී බැන්න හැටි
පොලිසියේ අපරාධ පුවතක් පළ නොකරන්නැයි දකුණු පළාත් සභා මන්ත‍්‍රී අරුණ ගුණරත්න ලංකාදීප මාතර මාධ්‍යවේදී ක‍්‍රිෂාන් ජීවක ජයරුක්ට දුරකථනයෙන් බැණ වැදුණේ මෙසේය.
ජයරුක් - මොකක්ද මන්ත‍්‍රීතුමා කිව්වේ?
අරුණ ගුණරත්න - පත්තරේ ගියොත් බලාගන්නම් මං
ජයරුක් - එහෙනම් ඔබතුමා ඊට කළින් කෝල් එකක් දෙන්න ඕනෑ.
ගුණරත්න - ඊට කලින් තමුසෙ කියන්න එපැයි මම ඒක ලියනවැයි කියල.
ජයරුක් - නිවුස් එකක් විදියට මම ලිව්වා.
ගුණරත්න - පත්තරේ ගියාම අපිට ලැජ්ජයි කියල තමුසෙ දන්නෙ නැද්ද? බූරුවා.
ජයරුක් - එහෙනම් ඔබතුමා පොලිසියෙ පැමිණිල්ලක් නොදා ඉන්න ඕනෑ.
ගුණරත්න -පොලිසියෙ පැමිණිල්ල! තමුසෙ හැම එකම ලියන්න ඕනද?
ජයරුක් - ලියන්නෙයි කියන්නෙ ඉතිං........
ගුණරත්න - ......... පුතා තොට මම කියන්න ඕනද?
ජයරුක් - එහෙනම් ඊයෙ අර
ගුණරත්න - මාත් එක්ක හැප්පිලා අමාරුවේ වැටෙන්න එපා හොඳේ?
ජයරුක් - ඔබතුමත් එක්ක අමාරුවෙ වැටෙන්න මට අවශ්‍යතාවයක් නෑ.
ගුණරත්න - මම බැන්නයි කියල පත්තරේටත් ලියාපිය. මම ඒකත් බලාගන්නම් එහෙම වුණොත්.
ජයරුක් - හරි එහෙනම් ඒකත් කියන්නම්.
ගුණරත්න - හරි බලමු මොකද වෙන්නෙ කියල අන්තිමට. තමුසෙ ගමේ කමට ඔහොමද කරන්නෙ?
ජයරුක් - නෑ ඉතින් ඔබතුමා කරපු හොඳ දේවලූත් පත්තරේ දාල තියෙනවා. මම හිතන්නෙ නෑ ඔබතුමාට මේක ප‍්‍රශ්නයක් වේවි කියල.
ගුණරත්න - උඹ දැනගන්න එපාද මේක අපට ලැජ්ජයි කියල..........

