පළාත් මන්ත්‍රීනි උම්බෑ කියයි


‘ඔයාලා ආවේ මේක විකුණන් කන්නද?මිනිහෙක් අමාරුවේ වැටුණම විකුණන් කන්නේ මේ අය තමයි.මේ මිනිසුන්ට ලැජ්ජා නැහැ.‘යනුවෙන් වයඹ පළාත් සභා සන්ධාන මන්ත්‍රීනී මංජුලා දිසානායක මහත්මිය මාධ්‍යවේදීන්ට වැල්ලවදී අද(09) බැන වැදුණාය.

ගනේවත්ත අඹකොල වැවැදී පැහැරගත් බව කියන දැරියගේ නිවසට ආ මන්ත්‍රිනිය මාධ්‍යවේදීන් දුටු ගමන් ඔවුන්ට බැනගෙන ගියාය.

ඔවුන් ඉවත් කරන්නැයි ඇය පොලිසියට ද කීවාය.

ඒත් පොලීසිය ඇගේ ‘අණ ‘ පිළිපැද්දේ නැත.මීගලෑවේ මීට පෙර පැහැරගත් දරුවා සොයා ගැනීමට මාධ්‍ය මහ මෙහෙවරක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී අජිත් රෝහණ මහතා  කොළඹ පුවත්පත් සාකච්ඡාවකදී ඔවුන්ට ස්තූති කරමින් සේවය අගය කළේය.