(ටෝනි කරුණානායක)
ගිනි අවි ආඥා පනත යටතේ රිමාන්ඩ් භාරයේ සිටින එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් මන්ත්‍රී රන්දීර ආසිරි රුද්‍රිගු ඇතුළු සැකකරුවන් 8ක් ලබන 27 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද(13) නියෝග කළාය.
පසුගිය ඔක්තෝබර් 23වැනිදා දිවුලපිටිය හේන්පිටගෙදර ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ ආයුධ සන්නද්ධ පිරිසක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී අයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

