පළාත් මන්ත්‍රී ඇතුළු 8ක් යළි රිමාන්ඩ්


(ටෝනි කරුණානායක)

ගිනි අවි ආඥා පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින පළාත් සභා මන්ත්‍රී රන්දීර් ආසිරි රුද්‍රිගෝ ඇතුළු සැකකරුවන් 8ක් ලබන 21දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද(7) නියෝග කළාය.

ඉකුත් 23වැනිදා දිවුලපිටිය හේනේපිටගෙදරදී අවිගත් කණ්ඩායමක් හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් අතර ඇතිවූ වෙඩි හුවමාරුවක් සම්බන්ධයෙන් සැකපිට ඔවුන් එසේ රිමාන්ඩ් කරනු ලැබ සිටිති.