රන්ජන් කස්තුරි
පළාත් පාලන ආයතන ගැසට් නිවේදනය නිකුත් කිරීමේ දී ආයතන 40 කට අදාලව සිදුවී ඇති මුද්‍රණ දෝෂ නිවැරදි කොට සංශෝධිත ගැසට් නිවේදනයක් හෙට (27) නිකුත් කිරීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා තීරණය කර තිබේ.
එම පළාත් පාලන ආයතනවල නම සඳහන් වීමේ දී හෝ ඒවාට අදාලව ග්‍රාම නිලධාරිවසම් නම් කිරීමේ දී සුළු ම්‍රද්‍රණ දෝෂ සිදුවී ඇති හෙයින් එම ආයතන 40 හි ඡන්දය පැවැත්වීමට බාධා මතුව තිබෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
සංශෝධිත ගැසට් නිවේදනය නිකුත් වූ පසුව මැතිවරණ කොමිසමට එම ආයතන 40 ද ඡන්දය පැවැත්වීමේ හැකියාව ලැබෙනු ඇතැයි ද ඔහු කීය.
මැතිවරණ කොමිසම ඡන්දය පැවත්වීමට තීන්දු කර තිබෙන ආයතන 93 ට මුද්‍රණෙ දෝෂ සහිතව නම් වී තිබෙන ආයතන 40 ඇතුළත් නොවේ.
මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමක දී මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් පැවැසුවේ සංශෝධිත ගැසට් නිවේදනය නිකුත් කළහොත් එම පලාත් පාලන ආයතන 40 ද ඇතුළුව ආයතන 133 ක ඡන්ය පැවැත්වීමට පියවර ගන්නා බවය.
මුළු පළාත් පාලන ආයතන සංඛ්‍යාව 336 ක් වේ.

