(ඩයනා උදයංගනී)
පළාත් සභා මැතිවරණය මනාප ක‍්‍රමය යටතේ එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන බව සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ සඳහා වන සංශෝධන පනත සැප්තැම්බරයේදී ඉදිරිපත් කරන බවද ඇමතිවරයා කීවේය.
නව මැතිවරණ ක‍්‍රමයට වඩා බොහෝ දෙනාගේ කැමැත්ත පැරණි මනාප ක‍්‍රමයට බැවින් මැතිවරණය පැරණි ක‍්‍රමයටම පැවැත්වෙනු ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.