පළාත් පාලන ආයතන 93කට නාම යෝජනා කැඳවීම ඇරඹෙයි


(රංජන් කස්තුරි)

පළාත් පාලන ආයතන 93ක් සඳහා මැතිවරණයට පැවැත්වීමට නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද(27) පෙරවරුවේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කළ බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 5ක් වෙනුවෙන් අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර ඇතැයි එම පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

නාම යෝජනා බාර ගැනීම දෙසැම්බර් 14වැනිදා තෙක් ක්‍රියාත්මකය.