(රංජන් කස්තුරි)
පළාත් පාලන ආයතන 248 ක මැතිවරණය පැවැත්වීම සඳහා වන නාම යෝජනා කැඳවීමේ නිවේදනය මැතිවරණ කොමිසන් සභාව මගින් අද (4) නිකුත් කෙරිණි.
ඒ අනුව මහනගර සභා 17 ක නගර සභා 23 ක ප්රාාදේශීය සභා 208 කට අදාලව මැතිවරණය පැවැත්වීම සඳහා ඒ ඒ තේරීම් බාර නිලධාරීන් විසින් නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කර තිබිණි.
එම පළාත් පාලන ආයතන 248 වෙනුවෙන් මේ මස 18 වැනි දා සිට 21 වැනි දා දහවල් 12 දක්වා නාමයෝජනා බාර ගැනීමට නියමිතය.
මීට ඉහත නාමයෝජනා කැඳවා තිබු පළාත් පාලන ආයතන 93 සඳහා නාමයෝජනා බාරගැනීම මේ මස 11 දිනෙන් ආරම්භ වී 14 වැනි දා දහවල් 12 න් අවසන් වේ.

