(විනීතා එම් ගමගේ)
දිවයිනට බලපෑ සුළං තත්ත්වය නිසා බස්නාහිර, දකුණ, නැගෙනහිර, සබරගමුව හා ඌව පළාත්වල ස්ථාන රාශියක විදුලි සැපයුමට හානි සිදුව ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය කියයි.
වැඩිපුරම හානි සිදුව ඇත්තේ ගාල්ල, මාතර දිස්ත‍්‍රික්කවල බවත් කොළඹ,කළුතර,නුවරඑලිය,බදුල්ල සහ ඇඹිලිපිටිය යන ප‍්‍රදේශවලින් ද හානි රැසක් වාර්තා වී ඇති බවත් එම අමාත්‍යංශය පවසයි.
එම බිඳ වැටීම් මේ වන විට යථා තත්ත්වයට පත් කෙරෙමින් පවතින බව විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ඛන ජයවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.
ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්කවල සිදුව ඇති බරපතළ හානි අද දවස තුළ යථා තත්ත්වයට පත් කළ නොහැකි වනු ඇති බවත් ජයවර්ධන මහතා කීය.
වැඩිපුරම වාර්තා වන්නේ රැහැන් පද්ධති මතට ගස් කඩා වැටීම් බවත් අධි රැහැන් මතට ගස් කඩා වැටීම්වලදී එම පද්ධති ස්වයංක‍්‍රීයව ක‍්‍රියා විරහිත වන අතර මේ නිසා එවන් අවස්ථාවලදී අදාළ ප‍්‍රදේශයේ විදුලිය ඇණ හිටින බවත් කී ජයවර්ධන මහතා එවැනි ස්ථාන යථා තත්ත්වයට පත් කිරීමට වැඩිපුර කාලයක් ගත වන බව ද පැවසීය.

