පළාත් පලාන මැතිවරණය ජනවාරි 20 දා බව ශාන්ත බණ්ඩාර කියයි


(ආරියරත්න රණබාහු)

පළාත්  පාලන මැතිවරණය ලබන ජනවාරි 20 වැනි දා  පැවත්වනු  ඇතැයි  ශ්‍රී  ලංකා  නිදහස් තරණ පෙරමුණේ සභාපති  ශාන්ත බණ්ඩාර  මහතා  පවසයි.

ඒ අනුව ලබන දෙසැම්බර්  සිට නාම යෝජනා  කැඳවීමට  ඉඩ ඇතැයි  කී ඒ මහතා  මේ සම්බන්ධව අදාල නෛතික රාමු මේ වන විට  සකස් වෙමින්  පවතින බවද කීය.

කොට්ඨාස සහ අනුපාත ක්‍රමය යටතේ  පැවැත්වෙන මෙවර  පළාත් පාලන මැතිවරණයේ දී තනි කේවල කොට්ඨාස සංඛ්‍යාව 4836 ක් වන බව කී ශාන්ත බණ්ඩාර  මහතා  ජනවර්ග  දෙකක් සිටින කොට්ඨාස 122 ක් ද ජනවර්ග 3 ක් සිටින කොට්ඨාස 4 ක් ද වශයෙන්  වෙන් කර  ඇති අතර  ඒ අනුව සමස්ත ඡන්ද කොට්ඨාස ගණන 496 ක් වන බව කීවේය.