(ඩයනා උදයංගනී)
පළාත් සභා මැතිවරණයක දී ජයගන්නා පක්‍ෂයට හිමිවන ප්‍රසාද මන්ත්‍රීධූර දෙකක සංඛ්‍යාව නව මැතිවරණ ක්‍රමය යටතේ ඉහළ නැංවීමට යෝජනා වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ අනුව පළාත් සභාවක වැඩිම ඡන්ද ලබාගෙන ජයගන්නා පක්‍ෂයට පළාත වෙනුවෙන් ලැබෙන ආසන දෙකක සංඛ්‍යාව පළාතට අයත් දිස්ත්‍රික්කයකට ආසන දෙකක් වශයෙන් සංශෝධනය වනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි.
මෙහිදී දිස්ත්‍රික්ක තුනකින් සමන්විත බස්නාහිර පළාතට ප්‍රසාද මන්ත්‍රීධූර දෙකක් වෙනුවට හයක්, දිස්ත්‍රික්ක දෙකක් ඇති උතුරු මැද පළාත් සභාවට ප්‍රසාද මන්ත්‍රීධූර දෙකක් වෙනුවට හතරක් වශයෙන් වැඩි ප්‍රසාද මන්ත්‍රීධූර සංඛ්‍යාවක් හිමිවනු ඇතැයි ද ඇමති ගම්මන්පිල මහතා සඳහන් කරයි.
එමඟින් ස්ථාවර පළාත් සභාවක් ගොඩනගාගැනීමට හැකිවන බව ද ඇමතිවරයා සඳහන් කියයි.

